ප්‍රමුඛ පුවත 1

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

(උදයම්,කොළඹ )  –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි.

නව දේශපාලන පක්ෂය පිහිටුවීම ඊයේ මඩකලපුවේදී  පැවත්විණ.

මෙහිදී නව පක්ෂය සඳහා ලේකම්වරයෙකු ඇතුලූ නිලධාරී මණ්ඩලයක්ද පත් කරගනු ලැබීය.

මීට අමතරව මඩකලපුවේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමටද ඊයේ පැවති රැස්වීමේදී තීරණය වී තිබේ.

නව පක්ෂය නම් කර ඇත්තේ ‘දෙමළ එක්සත් නිදහස් පෙරමුණ’ ලෙසය.

කරුණා අම්මාන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ නව පක්ෂය ලියාපදිංචි කිරීම කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

මැතිවරණය ගැන පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

Leave a Comment