ප්‍රමුඛ පුවත 1

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

(උදයම්,කොළඹ )  –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි.

නව දේශපාලන පක්ෂය පිහිටුවීම ඊයේ මඩකලපුවේදී  පැවත්විණ.

මෙහිදී නව පක්ෂය සඳහා ලේකම්වරයෙකු ඇතුලූ නිලධාරී මණ්ඩලයක්ද පත් කරගනු ලැබීය.

මීට අමතරව මඩකලපුවේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමටද ඊයේ පැවති රැස්වීමේදී තීරණය වී තිබේ.

නව පක්ෂය නම් කර ඇත්තේ ‘දෙමළ එක්සත් නිදහස් පෙරමුණ’ ලෙසය.

කරුණා අම්මාන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ නව පක්ෂය ලියාපදිංචි කිරීම කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බවය.

Related posts

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

Mohamed Dilsad

බස්නාහිර පළාත්ට නව රථ වාහන කොට්ඨාශයක් – පොලිස් දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment