ප්‍රමුඛ පුවත 1

අනතුරකින් සිසුන් හත්දෙනෙකු රෝහලේ

(UTV| කොළඹ) – හෙම්මාතගම, නගරගිරි මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන්ගත් ට‍්‍රැක්ටරයක් පෙරළීයාමෙන් සිසුන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

උසස් පෙළ තාක්‍ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු එම ට‍්‍රැක්ටරයේ නැගී අළුදෙණිය ප‍්‍රදේශයේ ගරාජයකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර වන අවස්ථාවේ තාක්‍ෂණ විෂයභාර ගුරුවරයාද සිය මෝටර් රථයෙන් අදාළ ට‍්‍රැක්ටරය පිටුපසින් ගමන් කර ඇති බව වාර්තාවේ.

වංගුවක් සහිත ස්ථානයකදී සිසුන් ගමන්ගත් ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරය සහ එන්ජිම සම්බන්ධ කොටස ගැලවී යාමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරෙන් තුවාල ලැබූ සිසුන් හත් දෙනා හෙම්මාතගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් සිසුන් හතර දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාවනැල්ල මහරෝහලට මාරුකර යවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

Mohamed Dilsad

නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන්ට හමුදාපති සුබපතයි

Mohamed Dilsad

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment