ප්‍රමුඛ පුවත 1

දිවයින් වටා මුහුද රළු වීමේ අවධානමක්

(UTV| කොළඹ) – ඉදිරි දින කිහිපයේදී දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වලත් සුළං තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවත් ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් සබරගමුව සහමධ්‍යමපළාත්වල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණුපළාතේත් මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් සාකච්ඡාවකට කැඳවයි

Mohamed Dilsad

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

Mohamed Dilsad

Leave a Comment