ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7.00 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ඇඟිලි සළකුණු යන්ත්‍රය ඉවත් නොකරයි නම් දිවයින පුරා හෙද වර්ජනයක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

Mohamed Dilsad

නව රජයෙන් තමාට ලැබුණු ලන්සුව ගැන කියන මන්ත්‍රී රංගේබණ්ඩාර

Mohamed Dilsad

Leave a Comment