ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

මුදලට තරඟපාවාදීම සම්බන්ධයෙන් CID සහ ICC යෙන් පරීක්‍ෂණ

(UTV| කොළඹ) – අල් ජසීරා මාධ්‍ය විසින් සිදු කළ හෙළිදරව්වෙන් පසු ක්‍රීඩා අමාත්‍ය පයිසර් මුස්තාපා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියකට අනුව මුදලට තරඟ පවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හදිස්වීමක් කැඳවන ලද අතර එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමටය.

මීට අමතරව සාමාජික රටවල සහය ඇතිව තරග පාවාදීමේ සිද්ධි ගැන ICC යෙන්ද පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මුදලට තරග පාවාදීමේ සිද්ධීන් පිළිබඳව අල්ජසීරා පුවත් සේවය සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සියලූම සාමාජික රටවල පූර්ණ සහයෝගය ඇතිව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

එම කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය මගින් අදාළ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා දේව මෙහෙය සිංහල බසින් පැවැත්වීමට සුදානමක්

Mohamed Dilsad

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment