ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස්හි IPL සිහිනය බොඳ වෙයි

(UTV|ඉන්දියාව) – ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ අහිමිව ගියේය.

මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

ඊයේ(21) ඔවුන් සහභාගී වූ තරඟය දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 11කින් පරාජයඅ පත්විය.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී 174ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03ක් තුල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 163ක් පමණි.

කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මීෂ්රා සිය පන්දුවාර 04 තුල ලකුණු 19කට කඩුලු 03ක් දවා ගනිමින් මුම්බායි පිළිතුරු ඉනිම සුණු විසුණු කළා.

ඒ අනුව මෙවර තරඟාවලිියේ අවසන් වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් 04 වන්නේ සන්රයිසස් හයිද්‍රාබාද්, චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයස් යන කණ්ඩායම් හතරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

IPL තරඟවලියේ වැඩිම අතපසුවීම් RCB කණ්ඩායමට.

Mohamed Dilsad

Leave a Comment