විදෙස්

හැරී සහ මෙගන්ගේ විවාහය අදයි

(UTV| කොළඹ) – බි‍්‍රතාන්‍යය රජ පවුලේ තවත් විවාහ මංගල්‍යයක් අද පැවැත්වේ.

ඒ බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකාවේ මෙගන් මාකල් අතරයි.

ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමරුගේ දෙවන පුත‍්‍රයා වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් නොහොත් හැරී මේවනවිට 33වන වියෙහි පසුවේ.

ඔහු සමග අතිනත ගන්නා මෙගන් මාකල් 36 වන වියේ පසුවෙයි.ඇය රංගන ශිල්පිනියක ලෙසද ප‍්‍රකටය.

ඔවුන්ගේ විවාහ මංගල්‍යය අද බි‍්‍රතාන්‍ය වේලාවෙන් දහවල් 12ට පමණ පැවැත්වේ.

ඒ බි‍්‍රතාන්‍යයේ වින්ඞ්සර් නුවර පිහිටි සාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානයේදීය.

දෙවන එලිසබෙත් රැජිණගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා ආරාධිතයින් 800 ක් පමණ සහභාගී වීමට නියමිතයි. විවාහ මංගල්‍යය සජීවි ලෙස ලොව පුරා විකාශය කිරීමටද සූදානම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

නිව්යෝක්හිදී දුම්රියක් පීලි පැන සියයකට වැඩි පිරිසකට තුවාල

Mohamed Dilsad

Leave a Comment