ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 9ක ඩෙංගු අවධානම

(උදයම්,කොළඹ)  –  දිස්ත්‍රික්ක 9 කින් ඩෙංගු රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අතරට කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකලපුව, කල්මුණේ, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඇතුලත්වේ.

මේ අතර  පසුගිය දිනවල කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුකරන ලද පරීක්ෂා කිරීමේ වැඩසටහන් වලදී පාසල් 102 ක ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ඇති බවට හදුනාගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9886 ක් වාර්තා වී ඇති අතර, පුද්ගල මරණ 12 ක් වාර්තාවී තිබේ.

Related posts

රනිල් සජිත් තීරණාත්මක සාකච්ඡාව අද

Mohamed Dilsad

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment