ක්‍රීඩා

දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය මාතරින්

(UTV| මාතර) – මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමය ආරම්භ කිරීමෙන් පසු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින මාතර – කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

2019 වසරේ සිට දුණු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත්කිරීමට නියමිත අතර දුණු විදීමේ ක්‍රීඩාව නගා සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින්මෙ ම සමාරම්භක උළෙල සංවිධානය කරන ලද අතර ආරාධිත අමුත්තන් දුනු විදීමෙන් දුනු ශිල්ප ක්‍රීඩාවේ දකුණු පළාතේ සමාරම්භය සනිටුහන් කිරීමෙන් අනතුරුව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු සැසියක් පැවැත්විණි.

මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බන්දුල අබේසේකර මහතා, මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ ගරු සභාපති දිස්ත්‍රික් ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරී හේමන්ත බණ්ඩාර මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී ආර්.එම්.ඩී.ඒ. සෙනරත් මහතා, මාතර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී විරාජ් සිරිතුංග මහතා, ඇතුළු මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් දරු දැරියන් සහභාගි වී සිටියහ.

මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් දුණු ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CPL ආරම්භය අගෝස්තු 28 වනදා

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

ආසියානු කුසලාන : ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ අවසන් ස්ථානයට

Mohamed Dilsad

Leave a Comment