ප්‍රමුඛ පුවත 1

අඹු-සැමි ගැටුමකින් බිරිඳ මරුට

(UTV| කොළඹ) – වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී පදිංචි පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් ඔහුගේ බිරිඳ මියගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවකි.

ඝාතනය සිදු කල සැකකාර සැමියාගේ වයස අවුරුදු 24 ක් බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.

සැකකාර සැමියා ජනප්‍රිය චිත්‍රශිල්පියෙකු වන අතර ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් පවතී බව අසල්වාසීහු පවසති.

එලෙස ඊයේ (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇති වී සැමියා විසින් බිරිඳට ඩම්බෙල් එකකින් පහරදී ඇති බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත.

සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අකුණුසර වැදීමෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment