Trending News

ඊශ්‍රායලයෙන් ඉරානයට චෝදනාවක්

(UTV|ඊශ්‍රායලය) – ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදුකරන බව ඊශ්‍රායලය චෝදනා කරයි.

රහසිගත න්‍යෂ්ටික ලිපි ගොනු අනාවරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා තිබේ.

ඉරානය ලොව හමුවේ ඒ බව ප්‍රතික්ෂේප කළ ද පිටු දහස් ගණනකින් සමන්විත තොරතුරු මගින් එය අනාවරණය වන බව ද බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ය.

කෙසේ වෙතත් සම්බාධක ඉවත් කර ගැනීම සඳහා සිය න්‍යෂ්ටික බලශක්ති වැඩපිළිවෙළ නතර කර දැමීමට 2015 දී ඉරානය එකඟතාව පළ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඊශ්‍රායල අගමැතිවරයා පවසන්නේ, නමුත් එය ගිවිසුමකට පමණක් සීමා වී ඇති බව ය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීම සඳහා අමෙරිකාව සමගින් තවත් ජාත්‍යන්තර බලවතුන් 5 දෙනෙකු ගිවිසුමකට එළැඹුණ ද මේ වන විට එය අර්බුදයට ලක්ව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Indo – Lanka relationship seen landmark changes

Mohamed Dilsad

Special meeting between President and UPFA this evening

Mohamed Dilsad

இலங்கை கனியவள ஊழியர்கள் போராட்டம்

Mohamed Dilsad

Leave a Comment