Trending News

ඊශ්‍රායලයෙන් ඉරානයට චෝදනාවක්

(UTV|ඊශ්‍රායලය) – ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදුකරන බව ඊශ්‍රායලය චෝදනා කරයි.

රහසිගත න්‍යෂ්ටික ලිපි ගොනු අනාවරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා තිබේ.

ඉරානය ලොව හමුවේ ඒ බව ප්‍රතික්ෂේප කළ ද පිටු දහස් ගණනකින් සමන්විත තොරතුරු මගින් එය අනාවරණය වන බව ද බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ය.

කෙසේ වෙතත් සම්බාධක ඉවත් කර ගැනීම සඳහා සිය න්‍යෂ්ටික බලශක්ති වැඩපිළිවෙළ නතර කර දැමීමට 2015 දී ඉරානය එකඟතාව පළ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ඊශ්‍රායල අගමැතිවරයා පවසන්නේ, නමුත් එය ගිවිසුමකට පමණක් සීමා වී ඇති බව ය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීම සඳහා අමෙරිකාව සමගින් තවත් ජාත්‍යන්තර බලවතුන් 5 දෙනෙකු ගිවිසුමකට එළැඹුණ ද මේ වන විට එය අර්බුදයට ලක්ව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ஆசிய, பசுபிக் விவசாய கூட்டுறவு அபிவிருத்தி வலையமைப்பு நிறைவேற்றுக்குழுக்கூட்டம் பங்கொக்கில் ஆரம்பம்!

Mohamed Dilsad

பாகிஸ்தானை எதிர்கொண்டு வெற்றியை ருசித்த இந்தியா

Mohamed Dilsad

Family of Indian royals wins £35m court battle against Pakistan

Mohamed Dilsad

Leave a Comment