ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

(UTV| කොළඹ) – වත්මන් ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (01) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතය.

ජනාධිපති කාර්යාලය විසින් සියලු අමාත්‍යවරුන් වෙත දැනුම්දී ඇත්තේ අද උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසයි.

මේ අතර නව කැබිනට්ජ සංශෝධනයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (30) සිදුවුණි.

පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනය අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයේදී සිදුවන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද ඉඟියක් පළ කළේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියඇලි වලින් නෑමට යාමෙන් වලකින්න

Mohamed Dilsad

බුද්ධ ශාසන ඇමති අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවට එන්න සුදානම්

Mohamed Dilsad

එමිල් රන්ජන් ලමාහේවාට සහ නියොමාල් රංගජීවට ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment