ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය පුර්ණ ප්‍රතිසංවිධානයකට සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට සැරසෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ඊයේ  (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කල බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටයි.

එම කමිටුව ලබන මැයි මස 08 වෙනිදා හෝ 15 වෙනිදා අතර පත් කොට පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇත.

එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැදී සිටිනවාද යන්න ගැන මෙම කමිටුව මගින් අවසන් තීරණය ගැනීමට නියමිත බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

Mohamed Dilsad

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨා පළ කල අදහස්

Mohamed Dilsad

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

Leave a Comment