විදෙස්

නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයි

(උදයම්,ඉන්දියාව)  – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී.

ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ  ඕ. පන්නීර් සෙල්වම් මහඇමති ධුරයට පත්වුවද ඔහු ශෂිකලාට එම ධුරය ලබා ගැනීමට ඉඩ සලසමින් තනතුරෙන් ඊයේ ඉල්ලා අස්වුණි.
62 හැවිරිදි ශෂිකලා  චින්නම්මා හෙවත් සුළු මව ලෙස තමිල්නාඩුවාසීන්  හඳුන්වනු ලබයි.

හෙට උදෑසන මදුරාසි විශ්වවිද්‍යාලයේ සියවස් ශාලාවේදී ශෂිකලා තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

Related posts

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයි

Mohamed Dilsad

කාබුල් ප්‍රහාරයේ මරණ 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ගිනි රාජ්‍යයේ හමුදා කඳවුරක පිපිරීම් මාලාවකින් 17ක් මරුට

Mohamed Dilsad

Leave a Comment