Trending News

කැබිනට් මණ්ඩල සංශෝධනය කල් යයි

( උදයම්,කොළඹ )  –  ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට තීරණය කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කලේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් මෙලෙස කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.

නමුත් පසුගියදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

இலங்கையுடனான இருபதுக்கு – 20 தொடரில் தென்னாபிரிக்க அணிக்கு இரு தலைவர்கள்

Mohamed Dilsad

கே.டி லால்காந்த பிணையில் விடுதலை

Mohamed Dilsad

Lowest prevalence of teen smoking in the world in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment