ප්‍රමුඛ පුවත 1

අලුත් අවුරුදු සාමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

(UTV| කොළඹ) – අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා  විශේෂ දුම්රිය සේවාවක් අද (07) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට ලබන 17 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වාත්, මහව දක්වාත් වායු සමනය කළ මැදිරි සහිත දුම්රිය ඇතුළු විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බව සඳහන්ය.
එමෙන්ම කොළඹ කොටුව සිට සහ මරදාන සිට ගාල්ල – මාතර දක්වාත්, කොළඹ කොටුව සිට යාපනය දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන 14 වනදා කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වාත් වේයන්ගොඩ සිට කළුතර දකුණ දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
එළඹෙන 15 වනදා සිට 17 වනදා දක්වා මාතර සිට මරදාන දක්වාත් යාපනය සිට කොළඹ දක්වාත්, බණ්ඩාරවෙල සිට සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

Mohamed Dilsad

දෙසැම්බර් 7 වනදා ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපියි – එ.ජ.නි.ස

Mohamed Dilsad

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

Mohamed Dilsad

Leave a Comment