ප්‍රමුඛ පුවත 1

වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු අත්අඩංගුවට

(UTV|කුලියාපිටිය) – වල්ලාපට්ටා කැපූ සිව්දෙනෙකු කුලියාපිටිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් බැංකු නිලධාරින්ගේ වෙස් ගෙන කුලී වාහනයෙන් පැමිණ ඇති බව හෙළි විය.

එලෙසින් රැකවල් ලා කුලියාපිටිය දීගල්ල රක්‍ෂිතය මධ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ මතුගම වලල්ලාවිට ප‍්‍රදේශයේ සැකකරුවන් සිව් දෙනෙකි.
බැංකු ක්‍ෂෙත‍්‍ර නිළධාරීන් ලෙස ප‍්‍රදේශවාසීන්ට හඟවමින් කුලී පදනම යටතේ මෝටර් රථ ලබාගෙන පැමිණ  දීගල්ල රක්‍ෂිතයට ඇතුල්වී වල්ලාපට්ටා ගස් බිමහෙලා කැබලි කොට ප‍්‍රවාහණය කිරීමට සූදානමින් සිටියදී අඩවි වන නිලධාරීන් දෙපිරිසක් අයුරින් ගොස් අදාළ වැටලීම සිදුකොට සැකකරුවන් සිව්දෙනා සමඟ වල්ලාපට්ටා තොගය හා ගස් කපා බිමහෙලීම සඳහා භාවිතාකරන ආයුධ කිහිපයක් තමන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් මෝටර් රථය හා වල්ලාපට්ටා තොගයද සමඟින් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල විරෝධතාවයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළි කැඳවීම නව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

හදිසි ජනාධිපතිවරණයකට සුදානම් නැත…

Mohamed Dilsad

Leave a Comment