විදෙස්

ශෂිකලා නටරාජන් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට

(උදයම්,ඉන්දියාව)  –  තමිල්නාඩුවේ නව ප්‍රධාන අමාත්‍යවරිය ලෙස ශෂිකලා නටරාජන් දිවුරුම් දීමට නියමිතය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ පනීර්සෙල්වම් සිය ධුරයෙන් ඉල්ලා අස්විම හේතුවෙන් ශෂිකලා නටරාජන් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා පත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
පක්ෂය ලබාදුන් තීරණයකට අනුව ඕ පනීර්සෙල්වම් තමිල්නාඩු ප්‍රධාන අමාතධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් අනතුරුව පනීර්සෙල්වම් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා පත් කෙරුණි.

ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරියක වන ශෂිකලා නටරාජන් මේ වන විට ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ නායකත්වයට ද පත් කර තිබේ.

පක්ෂයේ මහජන නියෝජිතයන් චෙන්නායි නුවරදී අද රැස්වීමක් පැවැත්වූ අතර එහිදී ඇය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකාව ලෙස ද පත් කර ඇති බව වාර්තාවේ.

61 හැවිරිදි ශෂිකලා නටරාජන්ට තමිල්නාඩු මහ ඇමති ධුරය ලබාදිය යුතු බව ජයලලිතාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මීට පෙර ප්‍රකාශ කර තිබු බව ඉන්දීය වාර්තා වල දැක්වේ.

Related posts

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment