ප්‍රමුඛ පුවත 1

සා.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

(UTV| කොළඹ) – 2017 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ.

නිවැරදි විභාග අංකය ඇතුලත් කර ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන 29 වනදා පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කෙරෙනු ඇත.

අනෙක් සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන 29 වනදා තැපැල් කෙරෙන අතර සියලු පෞද්ගලික අයදුම්කරුවන් වෙත ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 688, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණි.

මේ අතර 2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා සිසු සිසුවියන් 6 දෙනෙක් ප්‍රථම ස්ථානයට පත්වී ඇත.

දෙවන ස්ථානයට පත්වු සිසු සිසුවියන් සංඛ්‍යාව 9 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල පහළට

Mohamed Dilsad

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment