ක්‍රීඩා

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ගැන තවත් සැකයක්

(UTV| කොළඹ) – පසුගියදා නිමාවට පත්වූ අළුබඳුන තරඟාවලියේදීද ඕස්ට්‍රේලියානු කණ්ඩයම පන්දුව පළුදු කළ බවට සැකයක් පවතින බව එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවඩ් බ්‍රෝඩ් පවසයි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයකදී  ඕස්ට්‍රේලියානු කණ්ඩයම පන්දුව පළුදු කිරීම බවට එල්ලවූ චෝදනා ඔප්පුවිමත් සමඟ ස්ටුවඩ් බ්‍රෝඩ් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

අළු බඳුන තරඟාවලියේ 05 වන සහ අවසන් ටෙස්ට් තරඟයේ අවසන් දිනයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් පිටියට පිවිසීමට පෙර ක්‍රීඩාගාරයේ සිටි, දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයකදී පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් සීනි හැදි කිහිපයක් සිය කලිසමේ වම් සාක්කුවට දමා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඒ හේතුවෙන් ස්ටුවඩ් බ්‍රෝඩ් මෙම චෝදනාව එල්ල කර ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

දෙරට අතර පැවති අළුබඳුන තරඟාවලිය තරඟ 4ට 0ක් ලෙස විශිෂ්ඨ ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා සමත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

Mohamed Dilsad

දෙවන තරඟයට ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම

Mohamed Dilsad

Leave a Comment