ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදී

(උදයම්,කොළඹ) – වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය “ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් තීරණයක් ගත්තා සහල් කිලෝඑකක් රුපියල් 66.00ට දිය යුතුයි කියලා. ඒ නිසා වෙළෙන්දන් පැත්තෙන් අපි සළකා බලා සහල් ආනයනයේ දී තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළා. ඒ අවස්ථාවේ දී වෙළෙන්දන් කීවා එයාලට දෙන්න පුළුවන් රුපියල් 75.00 බැගින් පමණයි කියා. නැවත අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කරලා බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළා. මේ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකියි. අපි පාලන මිලක් දාලා තියෙනවා. නමුත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නැහැ. ඒ අය හාල් විකුණන්නේ වැඩි මිලට”.

රජයට සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා සහල් ආනයනය නොකළ බවයි. නමුත් ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා නම් සහල් තොග ආනයනය කිරීමට නොපමාව කටයුතු කරනවා” යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා. සතොස මගින් අපේ පාරිභෝගිකයන්ට පාලන මිලට ඒ කියන්නේ උපරිම රුපියල් 66.00 බැගින් සතොස ශාඛා මගින් මිලදී ගත හැකියි. සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳ සැල් සහ ගබඩා අපි පරීක්ෂා කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මා මේ සම්බන්ධ නියෝගය ලබා දී තබෙන්නේ. අද සිට නීතිය තදින් ක්‍රියාත්මක කල යුතුයි” අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙහිදී සඳහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-RISHAD-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-RISHAD11-UDM-SIN.jpg”]

Related posts

19 වැනි සංශෝධනය ගැන රජය සමඟ සාකච්ජා කිරීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

පොල්ගහවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Mohamed Dilsad

ජාතික සේවක සංගමය ඉදිරිපිට පුද්ගලයෙක් ගිනි තබාගනී…

Mohamed Dilsad

Leave a Comment