ක්‍රීඩා

අදත් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක්

(UTV| කොළඹ) – මාතර සහ කොළඹ පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක දෙවන දිනය අදයි.

මාතර –  උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ (23) ආරම්භ වූ රුහුණු මහා නිල් සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මුල් ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 158ක් රැස් කළේය.

ඊයේ දිනය නිමාවේදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 02ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 63කි.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) ආරම්භ වූ 04 වන නීල හරිත සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 167ක් රැස් කර ගනු ලැබීය.

පළමු දිනය අවසන දී කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 103ක් ලබා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

Mohamed Dilsad

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment