ප්‍රමුඛ පුවත 1

හානි සිදුවූ මහනුවර ජනතාව වෙනුවෙන් මිලියන 10ක වන්දි

(UTV| කොළඹ) – මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගියදා ඇතිවු ගැටුම්වලට අදාළව රුපියල් මිලියන දහසක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර, අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවු ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් හානි වූවන් සඳහා වන්දි පිරිනැමීමද ඊයේ සිදුවුණි.

සිද්ධියෙන් මියගිය පුද්ගලයින් 03 දෙනෙකු හා තුවාල ලැබූවන් 12 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 12 ක් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ලබාදී ඇත.

එමෙන්ම, දේපල හානියට පත් පුද්ගලයින් 84 දෙනෙකු වෙත පළමු අදියර යටතේ රුපියල් මිලියන 3 යි දශම 6 යි 5 ක මුදලක් වන්දි වශයෙන් ලබාදී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

Mohamed Dilsad

Leave a Comment