ප්‍රමුඛ පුවත 1

රත්‍රන් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනයකදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

සිංගප්පූරුවේ සිට අද අලුයම එමිරේට්ස් ගුවන්සේවයට අයත් EK 349 දරණ ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයෙකු සිය ගමන් මල්ලේ සගවාගෙන මෙම රත්‍රන් තොගය රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපල රේගුව පැවසීය.

එහි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 2.366 කි.

මෙම සැකකරු මැලේසියාවේ සිට සිංගප්පූරුවට පැමිණ,එහි සිට කටුනායකින් ග්‍රීන් චැනල් හරහා ගුවන් තොටුපලින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී මොහුගේ හැසිරීම් විලාසය පිලිබදව විමසිල්ලෙන් සිටි රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් වූ පුද්ගලයෙකි.

මොහුගේ ගුවන් බලපත්‍රයේ ඉංජිනේරුවරයෙකු ලෙස සටහන් කර තිබුනද රේගු නිළධාරින්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු රන් කරුවෙක් බවට හෙළිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

තංගල්ලේදී වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment