ප්‍රමුඛ පුවත 1

කාලයට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා තැපෑල වෙනස්කම් වලට භාජනය කරනවා – ඇමති හලීම් පවසයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා තැපෑල ලාභ උපයන ආයතනයක් නොව මහජනතාවට සේවා සපයන ආයතනයක් බව තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.එතුමා මේ අදහස් පලකලේ ඩි.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මුලස්ථාන තැපැල් කාර්යාලයේ e- Pay Mobile Cash සේවාව ආරම්භ කරමිනි.

මහජන සේවාව සපයන අතරේ විවිධ සේවාවන් ක්‍රියාත්මක කරමින් තැපෑල යම් ලාභයක් උපයන බවද ඇමතිවරයා පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුව විවිධ සේවාවන් ගණනාවක්ම රාජ්‍ය හා පෞද්ගලික අංශය සමග එක්වී ක්‍රියාත්මක කරනවා ඒ අතර අද දින (20) සම්පත් බැංකුව සම එකතුවී e- Pay Mobile Cash  සේවාව ආරම්භ කරනවා.යමකු තැපැල් කන්තෝරුවේ මුදල් ඇනුවම් සේවාව මඟින්  මුදල් තැන්පත් කල පසු එසැනින් රටේ විවිධ ස්ථානයන්හි සවිකර තිබෙන සම්පත් බැංකුවේ ටේලර් මැෂින් මඟින් මුදල් ලබගන්නාට අදාල මුදල් ලබා ගැනීමට හැකියාව ලබාදී ඇත.මෙය ජනතාවට ඉතාම පහසු ක්‍රමයක් බවඳ ඇමතිවරයා පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව යනු රට පුරාම පුළුල් ජාලයකින් ක්‍රියාත්මක වන ආයතනයකි.

විවිධ අඩුපාඩුකම් පැවතියද නව තාක්ෂණය භාවිතා කරමින් මහජන සේවාව තවදුරටත් පුළුල් කරමින් ඉතා ශක්තිමත්ව පෞද්ගලික ආයතන සමඟ එකතුව ඉදිරියේදීත් කටයුතු කරන බැවින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩි.බි. මිගස්මුල්ල, තැපැල්පති රෝහණ අබේරත්න, සම්පත් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු ඇතුළු ආරාධිතයන් රුසක් සහභාගි වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment