ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිට එරෙහි පෙත්සම විභායට ගැනේ

(UTV| කොළඹ) –  මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැණුණි.

ඒ මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සමකි.

ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේය.

මෙම පෙත්සමේ වගඋත්තරකාරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ දැනට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගැනීම සඳහා සිය සේවාදායකයන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවයි.

එලෙස උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දින ලබා දෙන ලෙසට ද නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි මස 06 වනදා යලි කැදවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දීර්ග විමර්ශනයකින් පසු මධූෂ් ඇතුළු පිරිස ප්‍රථම වරට ඩුබායි අධිකරණයට..

Mohamed Dilsad

2017 වසරට සාපේක්ෂව 2018 දී කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම පහළට…

Mohamed Dilsad

ඉන්දීය අගමැතිගෙන් නව ජනපති ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment