ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි යුක්‍රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේවන විට මිරිහාන රැදවුම් කඳවුර වෙත යොමු කර  ඇති බව පොලිසිය පවසයි.

පයාගල, මලේගොඩ හන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති බව සඳහන්ය.

26 හැවිරිදි එම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් භාරයේ තැබීමට නියෝග කර ඇත.

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

2018 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පනාපිටිය බොල්ගොඩ ආරක්ෂක වේල්ල කැඩීයාමේ අවධානම පහව යයි

Mohamed Dilsad

Leave a Comment