ප්‍රමුඛ පුවත 1

කොස්මල්ලී ඝාතනයට යොදා ගත් අවිය සොයා ගනී

(UTV|හම්බන්තොට) – පාතාල සාමාජික ශාන්ත කුමාර හෙවත් ‘කොස්මල්ලී’ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදා ගත් ටී – 56 වර්ගයේ ගිනි අවිය අඟුණකොලපැලැස්ස , ගෝඨාභයගම ප්‍රදේශයේ නිවසක වළ දමා තිබියදී ඊයේ (20) සොයා ගෙන තිබේ.

ඒ මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සිදුකළ පාපොච්චාරණයකට අනුවය.

මෙම ගිනි අවිය ඝණකම් ප්ලාස්ටික් බටයක බහා දෙපැත්ත මුද්‍රා කර වළ දමා තිබී ඇති අතර, ගිනි අවියත් සමඟ මැගසිනයක් සහ උණ්ඩ 06ක් ද පොලීසිය සොයා ගෙන ඇත.

පසුගියදා කොළඹ 12, කෙසෙල්වත්ත, අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාරගේ හිස කොටස හමු විය.

පසුගිය 19 වනදා කොස්මලීල්ගේ කඳ කොටස වළදමා තිබූ ස්ථානයේ තිබී ටී – 56 ගිනි අවියක හිස් උණ්ඩයක් පොලීසිය සොයා ගත් අතර, ඒ අනුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදීයි මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි විය.

සැකකරුවන් කොස් මල්ලී නමැත්තා පැහැර ගෙන ගොස් ගෝඨාභයගම දී වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.

Mohamed Dilsad

මිනුවන්ගොඩ කෝලාහලයට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3ක් ඇප මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment