ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ කෝලාහලයට අත්අඩංගුවේ සිටි සැකකරුවන් 3ක් ඇප මුදාහැරේ

පසුගිය මැයි මස 13 වනදා මිනුවන්ගොඩ නගරයේදී කලහකාරී ලෙස හැසිරුනු චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසුවු සැකකරුවන් තුන් දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාගේ නියෝගය මත ඇප මත මුදා හැර තිබේ.

එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප නියම කෙරුණු අතර සැකකරුවන් 3 දෙනාට ලබන ඔක්තෝබර් 16 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර ඇත.

මෙම කළහකාරි සිදුවීම්වලට අදාලව මීට පෙර ඇප මත මුදා හැරුණු තවත් සැකකරුවන් 18 දෙනෙකුද ඊයේ (17) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔවුන් සියලු දෙනාට ලබන සැප්තැම්බර් 04 වනදා යළි අධිකරණයට ඉදිරිපත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇති අතර සැකකරුවන්ට එරෙහිව සාක්ෂි ඇත්නම් එදිනට චෝදනා ගොණු කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

Related posts

රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරයට [VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකුගේ සහය ගෝඨාට [VIDEO]

Mohamed Dilsad

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි.

Mohamed Dilsad

Leave a Comment