ප්‍රමුඛ පුවත 1

“අපි වැඩ කළා, ඒත් ඒවා ජනතාවට සන්නිවේදනය වුණේ නෑ” – ඇමති සාගල කියයි

(UTV | කොළඹ) රජය විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු නිවැරදිව ජනතාවට සන්නිවේදනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යය සාගල රත්නායක මහතා පසුගියදා පැවසීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ “ෆියුචර් මයින්ඩ්ස් 2018” ජාතික උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“බොහෝ අය කියනවා ආණ්ඩුව ප්‍රමාදයි කියලා .නමුත් ඇත්ත ඒක නෙවේ. අපි ගොඩක් දේවල් කරලා තියෙනවා. අපි බොහෝ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර තිබෙනවා. නමුත් ගැටළුව වන්නේ එවැනි දේ ජනතාවට නිසි ආකාරයෙන් සන්නිවේදනය කිරීමට අපොහොසත් වීමයි. වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වය එය බව මම පිළිගන්නවා.

“රජයේ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වගේම සංචාරක කර්මාන්යේත් විශාල සංවර්ධනයක් ඇති වී තිබෙනවා.

“මෙරටට දැන් පැමිණෙන සංචාරකයා හුඟක් වෙනස්. ඔවුන් කටයුතු කරන්නේ වෙනදා වගේ නොවෙයි. ඔවුන්ට දැන් නිදහස හිමිවෙලා තියෙනවා ඔවුන් ලංකාවේ සිටින කාලය තුළ මෙරට කුමන ප්‍රදේශයක සංචාරය කරනවාද, කුමන ක්‍රියාකාරකමක නිරත වෙනවාද යන්න තීරණය කිරීමට. ඒ සඳහා පහසුකම් සැපයීම, මහාමාර්ග හා ගුවන් ගමන් වැනි යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම දැන් සිදුවෙමින් පවතිනවා. පහසුකම් සැපයීමේ කාර්යය සඳහා පුළුල් අවකාශයක් විවර වෙලා තියෙන නිසා කුඩා පරිමාණ හෝටල් ආදිය සඳහා ව්‍යවසායකයින් දිරිගැන්වීම දැන් සිදුවෙනවා.

16253″ශ්‍රී ලංකාව තුළ වැඩි වැඩියෙන් අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍යය වන සංචාරකයින් සඳහා එවැනි අවස්ථාවන් නිර්මාණය වෙමින් පවතිනවා. මීට අදාළ මූලික සැලසුම් කිරීමේ අදියර අවසන් වෙලා තියෙනවා. ඉදිරි වසරවලදී එය ශ්‍රීඝ්‍ර වර්ධනයක් ඇති වනු ඇතැයි අපි විශ්වාස කරනවා. යැයි අමාත්‍යවරයා කීය.

Related posts

හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර ආනයනයට නියෝග..

Mohamed Dilsad

අනුරාධපුර මහ රෝහලේ සොරකම පිලිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 03 ක්…

Mohamed Dilsad

බොරතෙල් ප්‍රවාහනය කරන නලයේ කාන්දුව පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment