ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කර තිබේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දියත් කළ විරෝධතා පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙලෙස වර්ජනය ආරම්භ කළ බව
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සේවාවලින් තම සංගමය ඉවත්ව ඇති බවයි.
ඒ අනුව, දහවල් 12 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 10 කට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

ගායන ශිල්පිනියගේ ඝාතනයට සම්බන්ධ සැමියා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment