ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

(උදයම්,කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කර තිබේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දියත් කළ විරෝධතා පාගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙලෙස වර්ජනය ආරම්භ කළ බව
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සේවාවලින් තම සංගමය ඉවත්ව ඇති බවයි.
ඒ අනුව, දහවල් 12 දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

අගමැතිට එරෙහිව විශ්වාසභංගය අද එයිද?

Mohamed Dilsad

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කරන බව අපි පෙන්නුවා – අගමැති කියයි

Mohamed Dilsad

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment