ප්‍රමුඛ පුවත 1

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

(UTV| කොළඹ) – ජගත් මානව හිමිකම් මණ්ඩල 37 වන සැසිවාරයට සහභාගිවිම සදහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු දූත පිරිස ලබන සඳුදා ජිනිවා නුවර පිටත්ව යාමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවට ඔවුන් සහභාගි වන බවයි.

2017 වසරේ මාර්තු 23 වැනිදා ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 34 එක යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා එම වාර්තාව සකසා ඇත්තේ සාමාජික රටවල ඉල්ලීම්වලට අනුවය.

එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේ සැප්තැම්බරයේදී සම්මත කරගත් තිහ එක යෝජනාව ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

Mohamed Dilsad

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment