ප්‍රමුඛ පුවත 1

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

(උදයම්,කොළඹ) – විවිධ රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කරයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නියෝගය කර තිබේ.
ඒ අනුව පවතින ස්ථාන මාරුවීම් ක්‍රමවේදය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
අදාළ විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවට සුදුසු ආදේශක වෛද්‍යවරයෙකු පුහුණුකරන තුරු එම ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

නාලක සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරේ

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ සේවකයින්ට මැතිවරණ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment