ප්‍රමුඛ පුවත 1

හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක 04 ක් ඉදිකිරීම ඇරඹේ

(UTV| කොළඹ) – දිවයින පුරා මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්, මුලික රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් රෝහල් 04 ක එම ඒකක ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 17 සහ 18 යන දෙදින සිදු කිරීමට නියමිතය.

මේ අනුව මාර්තු මස 17 දින හලාවත මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තබන අතර, ඒ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 762 කි. එදින පස්වරුවේ අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීමට නියමිතය.

ඒ සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 528 කි. මාර්තු මස 18 වන ඉරිදා පෙරවරුවේ ගම්පොල මුලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල තබන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 369 කි. එදින පස්වරුවේ කෑගල්ල මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීමට නියමිතය. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 495 කි.

මේ අතර මේ වන විට මහනුවර, පොළොන්නරුව, කල්මුණේ උතුර, යාපනය සහ කළුතර යන මහා රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිවෙමින් පවතියි. ත්‍රිකුණාමලය, නැඟෙනහිර කොළඹ මුලික රෝහල යන රෝහල්වල ද එම ඒකක ඉදිකිරීම ආරම්භ කර ඇත. ඉදිරි කාලයේ දී බදුල්ල, අම්පාර, මාතර යන රෝහල්වල එම ඒකක ඉදිකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විජයදාස රාජපක්ෂට වන්දි මුදල ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග.

Mohamed Dilsad

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

Mohamed Dilsad

Leave a Comment