ප්‍රමුඛ පුවත 1

ලෝක තෙත්බිම් දිනය සැමරේ

(උදයම්,කොළඹ) – ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.

“ආපදා ව්‍යසන අවම කිරීම සඳහා තෙත්බිම් සුරැකීම”මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ජෛව විද්‍යාත්මකව, පරිසර විද්‍යාත්මකව මෙන්ම ආර්ථික වශයෙන් වැදගත් මෙහෙයක් ඉටුකරන තෙත්බිම් පරිසරය ආරක්ෂා කරගැනීමෙහිලා ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියාකරයි.

වර්තමානයේ තෙත්බිම් පරිසර පද්ධතිය සඳහා තර්ජන එල්ලවී ඇති බැවින් තෙත්බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් බවට පත්ව තිබේ.

මෙවර ලෝක තෙත්බිම් දිනය සැමරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව බත්තරමුල්ල, වොටර්ස් එජ්හිදී අද(02) සිදුකිරීමට නියමිතය.

Related posts

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

Leave a Comment