ප්‍රමුඛ පුවත 1

මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ

(UTV -කොළඹ) – මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ අලුතින් ඉදිවන තාප විදුලි බලාගාරයක සේවය කරමින් සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අතර ඊයේ (13) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබේ.

එම ගැටුමෙන් එක් චීන ජාතිකයෙකු බරපතළ තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ තුවාල ලැබූ තැනැත්තා වයස අවුරුදු විසිපහක පුද්ගලයෙකු බවය.

මොවුන් දෙදෙනා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙම ගැටුම ඇති වී ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

පහරදීම සිදුකළ අනෙක් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොණරාගල පොලිසිය සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මුදාහරි.

Mohamed Dilsad

සහරාන් සමඟ ෆේස්බුක් සබඳතා පැවැත්වූ සැකකරුවෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment