ප්‍රමුඛ පුවත 1

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

(උදයම්,කොළඹ)  –  කොළඹ නගරයේ එකතුවන කැලිකසළ පිළියන්දල කරදියාන කසළ අංගණයට තාවකාලිකව බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දෙයි.

අද (18) පෙරවරුවේ එම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.

පසුගිය දින කිහිපය පුරා කොළඹ නගර සීමාව තුළ එක්රැස් කරගත් කැලිකසළ එම ස්ථානයට බැහැර කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පැවසීය.

කොළඹ අවට තෝරාගත් තවත් ස්ථාන කිහිපයකට ද කසළ බැහැර කිරීමේ කටයුතු මේවන විට සිදුකරන බවද කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම ගැන කමිටු වාර්තාව අද

Mohamed Dilsad

විරෝධයට එක්වූ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක්

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment