ප්‍රමුඛ පුවත 1

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

(උදයම්,කොළඹ)  –  කොළඹ නගරයේ එකතුවන කැලිකසළ පිළියන්දල කරදියාන කසළ අංගණයට තාවකාලිකව බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දෙයි.

අද (18) පෙරවරුවේ එම අධිකරණ නියෝගය ලබාගෙන ඇත.

පසුගිය දින කිහිපය පුරා කොළඹ නගර සීමාව තුළ එක්රැස් කරගත් කැලිකසළ එම ස්ථානයට බැහැර කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පැවසීය.

කොළඹ අවට තෝරාගත් තවත් ස්ථාන කිහිපයකට ද කසළ බැහැර කිරීමේ කටයුතු මේවන විට සිදුකරන බවද කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

ඩෙංගු මරණ සංඛ්‍යාව 100ය ඉක්මවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

කඹුරුපිටියේදී පුද්ගලයින් 9කට ඇසිඩ් ප්‍රහාරයක්…

Mohamed Dilsad

Leave a Comment