ප්‍රමුඛ පුවත 1

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය

(උදයම්,කොළඹ) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් වන කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි වෙයි.

වලංගු වීසා  නොමැතිව මෙරට රැඳී සිටීමේ වරදට අදාළව කෑගල්ල අධිකරණය මගින් වසරක සිර දඬුවමක් ඔහුට නියම කළේ 2016 වසරේ මාර්තු මස 31 වන දාය.

ඒ අනුව ඔහු පසුගිය වසරේ නොවැම්බර් 4 වන දා අත්අඩංගුවට ගැනුණි.

කුමාර් ගුණරත්නම් මහතා අද(02)  සිය දඬුවම් කාලය නිම වීමෙන් පසු අනුරාධපුර බන්ධනාගාරයෙන් පිටව ගියේ ය.

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් වන ඊට අදාළ ලිපිය කුමාර් ගුණරත්නම් මහතා වෙත මේ වනවිට ලැබී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සනාථ කළේය.

ඊයේ සිට කුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබාදී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවද පැවසීය.

මේ අතර කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකා පුරවැසි භාවය ලබා දීමට කැමැත්ත පලකෙරෙන ලිපියට ස්වදේශ කටයුතු අමාත්‍ය එස්. බි නාවින්න මහතා අද අත්සන් තබා ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට මෙරට ආණ්ඩුව කැමති බව දැක්වෙන සහතිකය ඔස්ට්‍රේලියාවට රුගෙන ගොස් ගුණරත්නම්ගේ එහි පුරවැසි භාවය අවලංගුකර ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේය.

 

Related posts

හක්ක පටස් බෝම්බයකට වව්නියාවේ වල් අලියෙකු බිලි වෙයි

Mohamed Dilsad

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට සම්බන්ධය සැකරුවන් 17 දෙනා යලි රිමාන්ඩ්

Mohamed Dilsad

කාලගුණ තත්වයේ සුළු වෙනසක්

Mohamed Dilsad

Leave a Comment