ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ, ගුවන් මගියෙක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සැකකරු වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ව්‍යාපාරියෙකි.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මෙම සැකකරුට රුපියල් 50,000 ක දඩ මුදලක්  නියම කර ඇති අතර මෙම දුම්වැටි තොගය රාජසන්තක කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාර්මීක දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

හිටපු නාවික හමුදා ප්‍රකාශ ඇතුළු 6 ක් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රංජීත් සොයිසා ඇතුළු 04 ට ඇප..

Mohamed Dilsad

Leave a Comment