ප්‍රමුඛ පුවත 1

ඉතියෝපියාවටත් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයක්

(උදයම්,කොළඹ)  – ඉතියෝපියාවේ ශ‍්‍රී  ලංකා තානාපති කාර්යාලය අද(02) විවෘත කිරීමට නියමිතය.
විදේශකටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් තානාපති කාර්යාලය විවෘත කිරීමට සැළසුම් කර ඇති බවය.
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ දිනවල ඉතියෝපියාවේ නිල සංචාරයක නිරතව සිටී.
ඒ අනුව ඊයේ දිනයේ(01) ඉතියෝපියානු ජනාධිපති මුලතු තෙෂෝන් මහතා හමුවී සාකච්ඡාවක් ද පවත්වා ඇති බව වාර්තා වෙයි.
ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතියෝපියානු පාර්ලිමේන්තු කථානායකවරයා ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වත්මන් ජාතික ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එම සාකච්ඡාවලදී දැනුවත් කර තිබේ.

Related posts

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නවතී

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 08 කට නොතීසි.

Mohamed Dilsad

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ වීදුරුමය සෑ රදුන් ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment