ප්‍රමුඛ පුවත 1

දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන් ඇමති රිෂාඩ් ඉල්ලයි

 (UTV| කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන ප්‍රදේශයේ සාමය සමඟිය ආරක්‍ෂා කරන මෙන්  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ සිදු වූ අවසනාවන්ත සිදු වීමක් නිසා, එහි සාමයට සමඟියට හා සහජීවනයට බලපා තිබෙන බවත්, මේ වන විට ප්‍රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා, එහි ජීවත් වන මුසලිම් ජනතාවටත්, ඔවුන්ගේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදු වී ඇති බව, එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත්, එම නිසා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්‍ෂිත කර, ප්‍රදේශයේ සියලුම ජනතාව අතර සාමය, සමඟිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ සාමය හා නීතිය ආරක්‍ෂා කරන ලෙසත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.
එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද ( මාර්තු 05 දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද ලිපියක් මඟින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හට ගත් මෙම ගැටුම් මඟින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා  වහාම පියවර ගන්නා ලෙසත්, එම ප්‍රදේශ වල නීතිය හා සාමය  ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර, සියලුම ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිතුමා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට තමන් ඇතුළු දේශපාලන අධිකාරිය සුදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඹුරුපිටියේදී පුද්ගලයින් 9කට ඇසිඩ් ප්‍රහාරයක්…

Mohamed Dilsad

දුම්රිය සේවක වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment