ප්‍රමුඛ පුවත 1

කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නමිත්තෙන් ,දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත්, යන තේමාව යටතේ කාන්තා දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානතන්වයෙන්  ඊයේ (08) පස්වරුවේ පොළොන්නරුව, රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවත්විණි.

මෙවර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද ,සෙනෙහස, විශේෂ පුවත්පත් අතිරේකය ළමා හා කාන්තා කටයුතු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. කාන්තා ව්‍යවසායිකාවන් අගයමින් සම්මාන හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත දැරියක් වන ඩබ්.ජී. සුබෝධා ශ්‍රීමාලි දැරිය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද කවි පන්තියක්ද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මෙම දැරියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී එනම් 2013 වසරේදී බ්‍රේල් යන්ත්‍රයක් පිළිගන්වා තිබීම ද විශේෂත්වයකි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, දස සිල් මාතාවන් මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද, පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවීලාල් විෙජ්වංශ යන මහත්වරුන් ඇතුථ ආරාධිත පිරිසක් සහ කාන්තා සංවිධාන නියෝජිතවරියන් විශාල පිරිසක්  මීට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

GMOA හා අග්‍රාමාත්‍ය අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කමීටුවක්..

Mohamed Dilsad

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment