ප්‍රමුඛ පුවත 1

විජිත රෝහණ විජේමුණිට ඇප

(උදයම්,කොළඹ) – ජනතාව නොමඟ යවන ආකාරයේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂ්‍යවේදී විජිත රෝහණ විජේමුණි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව සැකකරු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.ඔහුට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම ඉරීදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට ද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද ඔහු පසුගිය කාලය තුළ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අපහාසාත්මක අදහස් පළ කර තිබුණි.

වැඩිදුර නඩු විභාගය මේ මස 28 වන දා සිදුකිරීමට නියමිතය.

Related posts

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිල අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment