Trending News

නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක කරන බවට සහතිකයක්

(UTV| කොළඹ) – නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා කටයුතු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය දින අම්පාර ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව මෙම නිවේදනය නිකුත් කර ඇත.

නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි…..

”පසුගිය දින අම්පාර ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු සිදුවූ බවට පැමිණිලි ලැබී ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසම්පූර්ණ බවට ද තොරතුරු වාර්තා වී ඇත. නීතිය හා සාමය අමාත්‍යංශය විසින් සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා මඩකලපුව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී ඇත.”

”නීතිය අපක්‍ෂපාතී හා සාධාරණ ලෙස නිසි ආකාරව ක්‍රියාත්මක වීම තහවුරු කිරීම මෙන්ම මහජන විශ්වාසය ගොඩනැංවීම සඳහා ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය කටයුතු කරනු ඇත. එසේම, අලාභාහානියට පත්වූ පෞද්ගලික දේපොළ වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට මෙන්ම අලාභාහානියට පත්වූ වෙළෙඳසැල් මෙන්ම මුස්ලිම් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් වන්දි ලබා දීමටද කටයුතු කරනු ඇත.”

”මෙම උණුසුම් තත්ත්වයේදී සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් යුතුව කැප වූ මහා සංඝරත්නය, මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු පූජ්‍ය පක්‍ෂය, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම අනෙකුත්සි යලූ ජනකොටස් වෙත විශේෂ ස්තුතියක් පිරිනමනු කැමැත්තෙමු. ඉදිරියේදී මෙවැනි සිදුවීම්වලට හවුල් වන සියලූදෙනා හට තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය විසින් කටයුතු කරනු ඇත.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආයුධ පෙන්වීමේ තවත් තොරතුරු හෙළිවේ.

Editor O

சஹ்ரான் உடன் நெருங்கிய தொடர்புகளை பேணிய இருவர் கைது

Mohamed Dilsad

அமைச்சரவை இன்று மறுசீரமைக்கப்படவுள்ளது

Mohamed Dilsad

Leave a Comment