විදෙස්

නයිල් නදියට අපහාස කලාට මාස 6ක සිර දඬුවමක්‌

(UTV| කොළඹ) – නයිල් නදියේ පිරිසුදු බව ගැන ප්‍රසිද්ධියේ විහිළුවක් කළ ඊජිප්තු ගායිකාවකට මාස 6 ක සිර දඬුවමක් හිමිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස  සිර දඬුවම් හිමිවූයේ ෂෙරීන් අබ්දෙල් වහාබ් නමැති ගායිකාවට බවයි.

ඇය ඊජිප්තුවේ ඉතා ජනප්‍රිය ගායිකාවකි.

ෂෙරීන් අබ්දෙල් වහාබ් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පවසා ඇත්තේ නයිල් නදියේ ජලය ඉතා අපිරිසුදු බවත්, ජලය පානය කළොත් රෝගී වන බවත්ය.

ෂෙරීන් අබ්දෙල් වහාබ් කළ මෙම ප්‍රකාශය නයිල් නදියට කළ අවමානයක් යැයි ඊජිප්තු රජය මෙන්ම අධිකරණය ද තීරණය කර ඇත.

නයිල් ශිෂ්ටාචාරය බිහිවූයේ ද මෙම නයිල් නදියයි.එය ලොව දිගම ගංගාව ලෙස සැළකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම්

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment