ප්‍රමුඛ පුවත 1

අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගැනේ

(UTV| හලාවත) – අතුරුදන් වූ  හලාවත, ඉරණවිල ,සමිදුගම ප්‍රදේශයේ සිසුවාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගත් බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 10 කුඩා පිරිමි දරුවෙකු අතුරුදන් වීමේ පුවතක් පසුගිය 25 වනදා වාර්තා විය.
ඔහු ඉරණවිල රජයේ විදුහලේ හතරවැනි වසරේ ඉගනුම ලැබූ රුසිත් නිර්මාල් නමැති දරුවාය.
මේ දරුවා පසුගිය 25 වැනි දින පෙරවරුවේ සමිදුගම ප්‍රදේශයේ පිහිටි කඩොලාන කැලයයට කිසියම් පුද්ගලයෙකු සමඟ ගමන් කරන අයුරු ගම්වැසියෙකු විසින් දැක තිබේ.
ඊට පෙර මේ දරුවා මේ පුද්ගලයා සමඟ ආහාර ගන්නා අයුරු මේ ග්‍රාමයේ කුඩා දරුවෙකු දැක තිබෙන අතර ගිරවුන් අල්ලා දීම සඳහා පැමිණෙන ලෙස මේ පුද්ගලයා තමාටද කතා කල බව මේ කුඩා දරුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මේ දරුවා දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා වේ.
දරුවාගේ පියා මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර දරුවා ජිවත්ව ඇත්තේ නිවසේ හා වෙළද සැලේයි.
හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනාධිපතිට භාරදෙයි

Mohamed Dilsad

කලවංචිකුඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

බදු රැසක් පහතට

Mohamed Dilsad

Leave a Comment