ප්‍රමුඛ පුවත 1

ඡන්ද ජයගත් කාන්තා ප්‍ර‍තිශතය ඉහළට

(UTV| කොළඹ) – මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බවත් කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා සඳහන් කළේය ඒ අනුව මෙවර කාන්තාවන් 595ක් ඡන්ද ජයග්‍ර‍හණය කර ඇති බවයි. එම ප්‍ර‍තිශතය 1.9% සිට 10% දක්වා වූ වැඩිවීමක් බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව පහත සඳහන්  පරිදි කාන්තාවන් සංඛ්‍යාවක් ඡන්ද ජයග්‍ර‍හණය ලබා ඇති බව ද සඳහන් කළේය.

 

දිස්ත්‍රික්කය කාන්තා සභික සංඛ්‍යාව
01 කොළඹ 54
02 ගම්පහ 28
03 කළුතර 33
04 මහනුවර 28
05 මාතලේ 18
06 නුවර එළිය 26
07 ගාල්ල 32
08 මාතර 27
09 හම්බන්තොට 16
10 යාපනය 21
11 කිලිනොච්චිය 04
12 මන්නාරම 03
13 වව්නියා 04
14 මුලතිව් 04
15 මඩකලපුව 08
16 අම්පාර 26
17 ත්‍රිකුණාමලය 07
18 කුරුණෑගල 45
19 පුත්තලම 16
20 අනුරාධපුර 31
21 පොලොන්නරුව 09
22 බදුල්ල 24
23 මොණරාගල 13
24 රත්නපුර 32
25 කෑගල්ල 26
 එකතුව 535

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment