ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරයේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් අඛණ්ඩව 36 වන වරටත් සංවිධානය කරන ලද වාස්තු විද්‍යා ප‍්‍රදර්ශනය ද මේ හා සමගාමීව පැවැත්වෙන අතර A-18  “වාස්තු විද්‍යා 2018” නමින් එය අද සිට පෙබරවාරි 25 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

290කට අධික වෙළෙඳ ප‍්‍රදර්ශන කුටි සංඛ්‍යාවක් සහ වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ ප‍්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් පුවරු ඇතුළු ප‍්‍රදර්ශක 126 ක් සහිත අත්දැකීම් රැසක් ලබාදෙන වාස්තු විද්‍යා සහ වෙළෙඳ ප‍්‍රදර්ශනය පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතය.

“වාස්තු විද්‍යාවේ ප‍්‍රජා නියෝජනය“ තේමාව යටතේ හෙට ඇරඹෙන සමුළුවේදී මැලේසියාව, සිංගප්පුරුව ඇතුළු රටවල ප‍්‍රකට වාස්තු විද්‍යාඥයින් මෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකට වාස්තු විද්‍යාඥයින් එක්ව සිය විශේෂඥ දැනුම සහ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ නියැළිීමෙන් ඔවුන් ලබා ඇති අත්දැකීම් බෙදා හදා දෙනු ඇත.

වාස්තු විද්‍යාව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටුකළ වාස්තු විද්‍යාඥයින් සිව් දෙනෙකු වෙත අධි සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ තෝමස් වෝනියර්, ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ ඩී.එච්. විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමති අජිත් පී පෙරේරා බත්තල විදුලි බලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

Mohamed Dilsad

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment