ප්‍රමුඛ පුවත 1

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නඩු තීන්දුව අද

(උදයම්,කොළඹ) –  මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අදාළ පෙත්සම අභියාචනාධිකරණ හමුවේ ගොනු කර තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු නම් කර තිබේ.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ ද මොරටුව විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් විරෝධතා පා ගමනක නිරත වුහ.
මීට අමතරව පසුගිය දින කිහිපය තුළ දී ද විශ්වවිද්‍යාල සිසුන් කොළඹට පැමිණ විරෝධතා පැවැත්වූ අතර ඊට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

Related posts

අගමැති සහ ඉන්දීය විදේශ ඇමැති අතර සාකච්ඡා

Mohamed Dilsad

විධායක බලය භාවිතා කළේ රට බේරාගන්න – ජනපති

Mohamed Dilsad

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment